මුල්ලේරියාව PCR යන්ත්‍රයට මොකද වුණේ ?

මුල්ලේරියාව රෝහලේ PCR යන්ත්‍රයට මොකද වුණේ ?

by Staff writer 15-11-2020 | 8:45 PM

COLOMBO (News 1st) - මුල්ලේරියාව රෝහලේ PCR පරීක්ෂණ කටයුතු මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබේ.

ඒ, එම රෝහලේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා භාවිත කිරීමට නව ස්වයංක්‍රීය ප්‍රතිකාරක මිශ්‍රණ යන්ත්‍රයක් ස්ථාපිත කිරීම හේතුවෙනි. මුල්ලේරියාව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, මින් පෙර භාවිත කළ PCR පරීක්ෂණ කට්ටලය මිලදී ගත් චීන සමාගමේ පරිත්‍යාගයක් ලෙස මෙම නව යන්ත්‍රය ඊයේ(14) දිනයේ ලැබුණු බවයි. එය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට සිදු වන්නේ ඉකුත් 31 වැනි දා මෙරටට පැමිණි චීන විශේෂඥයින් දෙදෙනාගේ මුලිකත්වයෙනි. ඒ අනුව, නව කට්ටලය ස්ථාපිත කිරීමත් සමග දෛනික PCR පරීක්ෂණ දෙගුණයකින් පමණ වැඩි කර ගත හැකි බව මුල්ලේරියා රෝහල් ප්‍රකාශකවරයා පැවසුවේ ය. මේ අතර ඊයේ දිනයේ පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 13,671 ක් සිදු කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ය.