මාදම්පේ, තිනිපිටි වැවේ ගිලී පුද්ගලයෙකු මරුට

මාදම්පේ, තිනිපිටි වැවේ ගිලී පුද්ගලයෙකු මරුට

by Staff writer 15-11-2020 | 4:52 PM

COLOMBO (News 1st) : මාදම්පේ, තිනිපිටි වැවේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ , දෙමන්හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි එක්දරු පියෙකි. මියගිය පුද්ගලයා සමග තවත් දෙදෙනෙකු තිනිපිටි වැවේ දියනෑමට ගොස් ඇති අතර දියේ ගිලුණු පුද්ගලයා බේරා ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක වී නොමැත. මියගිය පුද්ගලයාගේ මළ සිරුර හමුවුනේ ලුණුඔයේ තිබියදී ය. මළ සිරුර මේ වනවිට හලාවත මහ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබඳව මාදම්පේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.