by Staff writer 15-11-2020 | 4:04 PM
COLOMBO (News 1st) : බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 437 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ ලද වාර්තා අනුව නිලධාරීන් 05 දෙනෙකුට සහ රැඳවියන් 147 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
මෙතෙක් හඳුනා ගත් ආසාදිතයින් අතුරින් වැඩිම පිරිසක් හමුවී ඇත්තේ කොළඹ රිමාන්ඩ් , වැලිකඩ කාන්තා , බූස්ස සහ පැරණි බෝගම්බර බන්ධනාගාරවලින් ය.
මේ අතරනැවත දැනුම් දෙනතුරු සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
ඒ අනුව සියලු නිලධාරීන් හෙට උදෑසන 8.00 ට වනවිට තම සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.