ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී

ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී

by Staff writer 15-11-2020 | 9:36 PM

COLOMBO (News 1st) - ජනාධිපතිතුමා අද(15) අනුරාධපුරයේදී ආගමික වතාවත්වල නිරත විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ආගමික වතාවත්වල නිරත විය. අද උදෑසන බෝධීන් වහන්සේ උදෙසා කිරි අහාර පූජාව ද පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙනි. රටවැසි හා ලෝවැසි ජනතාව කොරෝනා වසංගතයෙන් මිදී සුවපත්වේවායි මෙහිදී ප්‍රාර්ථනා කෙරුණි. ජනාධිපතිතුමා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.