කොළඹ Lockdown ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවලට අවසර

කොළඹ Lockdown ප්‍රදේශවල BOI හා EDB කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවසර

by Staff writer 15-11-2020 | 10:28 AM

COLOMBO (News 1st) - හෙට(16) අලුයම 5.00 සිට කොළඹ හුදෙකලා(Lockdown) කරන පොලිස් වසම්වල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අනුමත කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, මෙම කර්මාන්ත ශාලා සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය සහ මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යා හැකි බවය. මීට අමතරව එම ප්‍රදේශවල පිහිටි අධිකරණ සහ වෙනත් අත්‍යවශ්‍ය රාජ්‍ය ආයතන කටයුතු ද පවත්වාගෙන යාමට අවසර හිමිවනු ඇති. හෙට අලුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කරනු ලබන්නේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය සහ කෙසෙල්වත්ත යන පොලිස්වසම් ය. මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව කෙසෙල්වත්ත පොලිස් වසම ඇතුළත් නොවීය. නමුත් නව නිවේදනයේ කෙසෙල්වත්ත පොලිස් වසම ඇතුළත් කර තිබෙන අතර එම නිවේදනය පහත පරිදි වේ.

========================================================================================================

හෙට(16) අලුයම 5.00 සිට කොළඹ හුදෙකලා(Lockdown) කරන පොලිස් වසම්වල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අනුමත කර්මාන්ත ශාලා සහ අධිකරණ, අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන දැඩි සෞඛ්‍ය අධීක්ෂණය යටතේ පවත්වාගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.