කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා තව ත් රෝහල්

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා තව ත් රෝහල් කිහිපයක් හඳුනා ගැනේ

by Staff writer 15-11-2020 | 12:35 PM

COLOMBO (News 1st) - කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා තව ත් රෝහල් කිහිපයක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, මතුවන අවශ්‍යතා පදනම් කර ගනිමින් අදාළ රෝහල්වල මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි. දැනට දිවයිනේ ප්‍රතිකාර මධ්‍යස්ථාන 36 කදී කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන බව ද ඔහු සඳහන් කළේ ය. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ, මෙම මධ්‍යස්ථානවල ඇඳන් 2800 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට සූදානම්ව පවතින බවයි. දෛනිකව වාර්තාවන කොරෝනා රෝගීන්ට අමතරව ආසාදිතව සිට සුවය ලබන රෝගීන් සංඛ්‍යාව ද ඉහළයාම හමුවේ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇතිවිය හැකි තදබදයන් පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇතැයි ඔහු පෙන්වා දෙයි. මේ අතර හුදෙකලා තත්ත්වයන් යටතේ පවතින ප්‍රදේශවල දෛනික අහඹු පී.සී.ආර් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩිකර ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ ක‌ළේ ය.