බන්ධනාගාර ආශ්‍රයෙන් හමුවන කොරෝනා ආසාදිතයින්

බන්ධනාගාර ආශ්‍රයෙන් හමුවන කොරෝනා ආසාදිතයින්

by Staff writer 14-11-2020 | 9:52 PM

COLOMBO (News 1st) : මෙරට බන්ධනාගාර පරිශ්‍රවලින් අද වනවිට 300 කට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙයි.

පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 88 ක්, බුස්ස බන්ධනාගාරයෙන් ආසාදිතයින් 48 ක් , කුරුවිට බන්ධනාගාරයෙන් ආසාදිතයින් 14 දෙනෙකුද අද හදුනා ගැණුනු පිරිසට අයත් ය. කොරෝනා ආසාදිතයින් අතර බන්ධනාගාර නිලධාරීන් 05 දෙනෙක්ද වෙයි. මේ අතර කන්දකාඩු, ගල්ලෑල්ල සහ වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන රැඳවියන්ගේ තත්ත්වය නිරික්ෂණයට බන්ධනාගාර පරිපාලන කොමසාරිස්වරයා අද පෙරවරුවේ පැමිණියේ ය. බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා
අසනීප තත්ත්වයේ ඉන්න රෝගීන් හැටියට වැලිකන්ද රෝහලෙත් ඒ වගේම කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙත් ඒ වගේම පොලොන්නරුව ගල්ලෑල්ල පුහුණු මධ්‍යස්ථානයෙත් ඇත්තටම ඒක ගුරු විද්‍යාලයක් එහි රඳවා තිබෙනවා. රැඳවියන් සහ කාන්තා සැකකාරියන් දෙගොල්ලෝම ඉතින් මේ ස්ථාන තුනම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලනය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා එහි 100 කට අධික පිරිසක් රඳවා තිබෙනවා.ඇත්තටම මේ අයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් ඉතාම හොඳින් එහි කාර්යයන් ඉටු කරනවා.