by Staff writer 14-11-2020 | 5:17 PM
COLOMBO (News 1st) : යාපනය, වඩුක්කෝට්ටේ, කුඩාගනේ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, තියුණු ආයුධවලින් පහර දී මෙම පුද්ගලයින් ඝාතනය කර ඇති බවයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයින් වයස අවුරුදු 34 සහ 56 යන වයස්වල පසුවේ.
පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දීර්ඝ කාලීනව පැවති ආරවුලක් දුරදිග යාමෙන් ඝාතන සිදුව ඇති බවය.
ආරවුලට පුද්ගලයින් 15 දෙනෙකු පැමිණ ඇති බවට අණාවරණ වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.