හොන්ඩුරාස් සහ නිකරගුවාහි ජනතාවට අනතුරු ඇඟවීම්..

අයෝටා සුළි කුණාටුව: හොන්ඩුරාස් සහ නිකරගුවා රටවල ජනතාවට අනතුරු ඇඟවීම්

by Staff writer 14-11-2020 | 6:41 PM

COLOMBO (News 1st) : අයෝටා සුළි කුණාටුව හමුවේ මධ්‍යම අමෙරිකාවේ පිහිටි හොන්ඩුරාස් සහ නිකරගුවා රටවල ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ හමුවේ හොන්ඩුරාස්හි වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කෙරෙන බව සඳහන් ය. කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පල කළේ, නිවර්තන සුළි කුණාටුවක් වන අයෝටා හෙට(15) හොන්ඩුරාස් සහ නිකරගුවාවට කඩා වැදීමෙන් පසු ප්‍රධාන සුළි කුණාටුවක් දක්වා ප්‍රබලත්වයෙන් වැඩි වනු ඇති බවයි . පැයට කිලෝ මීටර් 193 ක වේගයකින් හමා යන අයෝටා සුළි කුණාටුව හේතුවෙන් අධික වර්ෂාපතනයක් සහ මුහුදු ජල මට්ටම ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ මස මුලදී මධ්‍යම අමෙරිකානු කලාපයට කඩා වැදුණු ඒටා සුළි කුණාටුවෙන් පුද්ගලයන් 200 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්විය .