වරායේ 60කට කොරෝනා: මෙහෙයුම් කටයුතුවලට බලපෑම්..

වරායේ 60කට කොරෝනා: මෙහෙයුම් කටයුතුවලට බලපෑම්..

by Staff writer 13-11-2020 | 9:43 PM

COLOMBO ( News 1st ) : තම සේවකයින් 60 දෙනෙකු පමණ කොරෝනා ආසාදනයට ලක්ව, තවත් 200 ක් පමණ නිරෝධායනයට යොමු කර ඇතැයි කොළඹ වරාය පාලනාධිකාරිය පවසයි.

මෙහෙයුම් ප්‍රමාද වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකා විශාල ප්‍රමාණයක් වරාය පිටත නැංගුරම්ලා ඇති බව ද වරාය වෘත්තීය සමිති පවසයි. කෙසේ වෙතත් වරාය සභාපතිවරයා පැවසුවේ, බහාලූම් ගොඩබෑමේ යම් ප්‍රමාදයක් සිදුව තිබුණත් එය හැකිතාක් අවම කර ගැනීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය. වරාය සේවකයින් වැඩි පිරිසක් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් හෙයින් ඔවුන් දැනට වෛරස ආසාදන වී හෝ නිරෝධායනයට ලක් කර තිබීමේ තත්ත්වය තුළ මෙම ගැටලුව මතුව ඇතැයි වරාය පාලනාධිකාරිය පවසයි. මේ අතර බහාලුම් යාත්‍රා 38කට ආසන්න ප්‍රමාණයක් කොළඹ වරායට පැමිණීම අත්හිටුවා ඇති බව වරාය අභ්‍යන්තර ලේඛන හෙළිදරව් කරයි.