වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි..

වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි.. නැව් 14ක් ඇතුළු කර ගැනීමේ ප්‍රමාදයක්

by Staff writer 13-11-2020 | 3:44 PM
COLOMBO (News 1st) : කොළඹ වරායේ හඳුනාගත් අංශවල කටයුතු සඳහා විශ්‍රාමික සේවකයින් කැඳවීමට තීරණය කර තිබේ. වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා පැවසුවේ, ඊට අමතරව වෙනත් ආයතන කිහිපයකින් ද සේවකයින් කැඳවීමට පියවර ගන්නා බවයි. කොරෝනා වසංගත තත්ත්වයත් සමග මෙම තීරණයට එළැඹි බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර, පවතින තත්ත්වය හේතුවෙන් විවිධ රටවල සිට මෙරටට ළඟා වූ නැව් 14 ක් කොළඹ වරාය පරිශ්‍රයට ඇතුල් කර ගැනීම ප්‍රමාදවී තිබේ. මේ අතර වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ, වරාය පරිශ්‍රය තුළ පැය 24 විවෘතව පවතින මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන බවයි.