තවත් කොරෝනා මරණ 5ක්..

මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 53 දක්වා ඉහළට

by Chathurika Jayasundara 13-11-2020 | 7:34 PM

COLOMBO ( News 1st ) :  තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් තිබෙන බව ඔහු සඳහන් කළේය. මියගිය පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත්ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ.