by Staff writer 13-11-2020 | 5:16 PM
COLOMBO (News 1st) : දිවයිනේ තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි.
මේ අතර අද පස්වරුවේ මහනුවරට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මහනුවර - පේරාදෙණිය මාර්ගය කටුකැලේ ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිය.
අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් රථවාහන ධාවනයට බාධා මතුවූ බවයි.
ප්‍රදේශවාසින් පැවසුවේ කානු පද්ධතිය අවහිර වීම මාර්ගය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව බවයි.