by Staff writer 13-11-2020 | 8:40 PM
COLOMBO ( News 1st ) : කැනඩාවේ මෙඩි කව්ගෝ ජෛව පර්යේෂණ ආයතනය සහා ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් ඖෂධ සමාගම එක්ව නිපදවන ලද කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි හා තුත්වැනි අදියරේ සායනික අත්හදා බැලීම් සිදුකරමින් පවතින බව එම ආයතන නිවේදනය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩනෝම් මහතා අනතුරු අඟවන්නේ, කොවිඩ් එන්නතක් පිළිබඳව පමණක් සියලු බලාපොරොත්තු තබා නොගත යුතු බවයි.
ඉතා ඉක්මණින් එන්නතක් නිපදවිය යුතු වූවත් ඒ පිළිබඳව පමණක් අවධානය යොමු කරමින් නොසිට වසංගත පාලනය පූර්වාරක්ෂිත ක්‍රමවේද අනුගමන කරමින් කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.