ගල්කිස්සේ අතුරු මාර්ගයක තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

ගල්කිස්සේ අතුරු මාර්ගයක තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

ගල්කිස්සේ අතුරු මාර්ගයක තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

කර්තෘ Staff writer

13 Nov, 2020 | 1:01 pm

COLOMBO (News 1st) : කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ ගාලු පාරට සමීප අතුරු මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගෙන තිබේ.

ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම පුද්ගල මළ සිරුර අද පෙරවරුවේ සොයා ගැනිණ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80 ක පුද්ගලයෙකි.

කෙසේ වෙතත් දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර මරණය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර ඊයේ පානදුර බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ මාර්ගයේ වැටී තිබූ පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගැනිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]