by Chathurika Jayasundara 12-11-2020 | 5:29 PM
COLOMBO (News 1st) : ලබන 14 සහ 15 යන දෙදින තුළ සියලු මගී දුම්රිය ධාවනය අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 16 වැනිදා සිට දැනට ධාවනය වන කාර්යාල දුම්රිය සහ ප්‍රාදේශිය වශයෙන් ධාවනය වන දුම්රිය ධාවනයන් යළි ආරම්භ කරන බවයි.
මේ අතර බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන සියලු බස් රථ සේවා ද ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටුවා තිබේ.