තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි

by Sagarika Chathumali 12-11-2020 | 4:42 PM
COLOMBO (News 1st) : මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ති‌බේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනකු එලෙස මිය ගොස් ඇති බවයි. ඉන් එක්  පුද්ගලයෙක් කොළඹ  12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ, නිධන්ගත පෙනහළු රෝගය සමග කොවිඩ් -19 වෛරසය  ආසාදනය වීමයි. අනෙක් රෝගියා මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මරණයට හේතුව වශයෙන් සඳහන් වන්නේ, කොවිඩි 19 නිව්මෝනියාව සමග ද්විතීක බැක්ටීරියා ආසාදනයකි. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ යනු ඇති. මේ අතර අද (12) කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින්  470 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,653ක් වන අතර ආසාදිතයින් 4651 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,350කි.