ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද ගණනය යළි ඇරඹේ

ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද ගණනය යළි ඇරඹේ

by Staff writer 12-11-2020 | 12:17 PM
COLOMBO (News 1st) : ජනපති ට්‍රම්ප් මැතිවරණ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළි ගණනය කිරීමට පියවර ගෙන තිබේ. ජෝර්ජියා ප්‍රාන්තයේ ජෝ බයිඩ්න් ට්‍රම්ප්ට වඩා ජන්ද 14,000 කින් පෙරමුණේ පසුවන අතර මිචිගන් ප්‍රාන්තයේ ඔවුන් දෙදෙනා අතර පවතින පරතරය ඡන්ද 148 ,000 කි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිචිගන් ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය නිත්‍යනුකූල බව ප්‍රකාශයට පත්කිරීම අවහිර කිරීමට ද ට්‍රම්ප් නීතිමය පියවර ගෙන ඇති බවයි. මේ අතර මෙවර ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජෝ බයිඩ්න් සාමකාමී බල හුවමාරුවකට අවශ්‍ය පසුබිම සකස් කිරීමට පියවර ගත්තේ ය. ජනපති ට්‍රම්ප් මෙලෙස පරාජය පිළි ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ මෙවර මැතිවරණයේ කිසිදු වංචාවක් සිදුනොවූ බවට විචාරකයින් තහවුරු කළ පසුබිමකදී ය. කඩිනම් බල හුවමාරු ක්‍රියාවලිය ප්‍රමාද කරවන ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළ, අමෙරිකාවේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළනු ඇතැයි එරට හිටපු ස්වදේශ කටයුතු ආරක්ෂක ප්‍රධානීහු අනතුරු අඟවති. උග්‍ර වසංගතයකට සහ දැඩි ආර්ථික අවපාතයකට රට මුහුණපා සිටින මෙවැනි පසුබිමකදී ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය රටේ අරබුදකාරී තත්ත්වය තවත් උත්සන්න කරනු ඇතැයි යන්න ඔවුන්ගේ මතයයි . රිපබ්ලිකන් පාක්ෂිකයන් ඩොනල්ඩ් ට්‍රම්ප් හුරතල් කරන බවට චෝදනා කළ හිටපු අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසන්නේ ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම රිපබ්ලිකන් පක්ෂයේ කීර්ති නාමයට ද හානිකරන බවයි .