COLOMBO (News 1st) : අද (11) දිනයේ තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තා වී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයනක් නිකුත් කරමින් පැවසුවේ,කොළඹ 11 සහ කැලණිය ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනකු එලෙස මිය ගොස් ඇති බවයි.
කොළඹ 11 ප්‍රදේශයේ 40 හැවිරිදි පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් සිට ඇති අතර මරණයට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ, කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඇති වූ හෘදයාබාධයකි.
කැලණිය ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයා 54 වැනි වියේ පසුවන අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පසුගිය 1 වැනිදා සිට හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් 19 ආසාදනය උත්සන්න වීමෙන් ඇති වූ හෘදයාබාධයකි.
මේ අතර මෙරට 42 වැනි කොරෝනා මරණය අද දහවල් වාර්තා වූ අතර එලෙස ජීවිතක්ෂයට පත්වූයේ, පානදුරේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
පොලිස් රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති අතර කොරෝනා ආසාදනය හේතුවෙන් සිදු වූ හෘදයාබාධයකින් මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබිණ.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ යනු ඇති.

අද (11) පස්වරුව වනවිට මෙරටින් කොවිඩ් - 19 ආසාදිතයින් 14,715 දෙනෙකු වාර්තා වන අතර පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 10183කි.
ආසාදිතයින් 4488 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මේ වනවිට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 44කි.
