මෙරට 41 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 41 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

by Staff writer 10-11-2020 | 7:43 PM

COLOMBO (News 1st) - මෙරට 41 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. එම පුද්ගලයා නිවසේදී මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයා මිය යාමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ, දීර්ඝකාලීනව පැවති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් උත්සන්න වීම බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.