බස් ධාවකයින්ට සහන

බස් ධාවකයින්ට සහන දීමට කැබිනට් අනුමැතිය

by Sagarika Chathumali 10-11-2020 | 3:11 PM
COLOMBO (News 1st) : කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස් ධාවනය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් බස් ධාවකයින්ට සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙම වසරේ මාර්තු මාසයේ සිට බස් ධාවකයින් පහත ගාස්තුවලින් නිදහස් කිරීමට කෙරෙනු ඇති. *අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු *ප්‍රමාද ගාස්තු *ටෙන්ඩර් ගාස්තු ලොග් ගාස්තු *පිවිසුම් ගාස්තු අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු මගී ප්‍රවාහන සේවාව ගුණාත්මකව හා කාර්යක්ෂව ලබා දීමට හැකිවන පරිදි ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන මෙම සහන ලබා දීම සිදු කර තිබේ.