Lockdown: පොලීසියෙන් විශේෂ දැනුම් දීමක්

Lockdown ප්‍රදේශවල සිට ගමන් කිරීමට අවසර ලබා ගත යුතු ක්‍රමය පොලීසිය දැනුම් දෙයි..

by Staff writer 09-11-2020 | 10:40 PM

COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීති බලපත්‍ර, හුදෙකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට වලංගු නොවන බව පොලීසිය දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් එම තීරණය ගත් බවයි. ඒ අනුව මෙතැන් සිට හුදෙකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ ප්‍රදේශ හරහා සංචරණය කිරීමට අවසර ලබා දෙනු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි. හුදෙකලා ප්‍රදේශ තුළ හෝ ඒ හරහා ගමන් කිරීමට සුවිශේෂි හේතූන් මත අවසර ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ආයතන ප්‍රධානියා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුයි. එම ඉල්ලුම් පත්‍රයෙහි, * ආයනයේ නම සහ ලිපිනය * ආයතනයේ සේවකයින් කැඳවනු ලබන දිනය හෝ කාල සීමාව * ඔවුන් පිළිබඳ තොරතුරු * සේවකයින් කැඳවනු ලබන ප්‍රවාහන මාධ්‍යය සේවකයින් කැඳවීම සඳහා සුවිශේෂි හේතු මෙන්ම ඉල්ලුම් කරන නිලධාරියාගේ නම, තනතුරු සහ නිල මුද්‍රාව සටහන් කළ යුතු බව පොලීසිය දැනුම් දෙයි.