කොවිඩ් එක්ක හැංගිලා ජිවත් වෙන්න බෑ - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර; අපිට පුළුවන් මේ අභියෝගය ජය ගන්න - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 09-11-2020 | 7:26 PM
COLOMBO (News 1st): කොඩිව් වෛරසයත් සමග රට තුළ මතුව ඇති වර්තමාන තත්ත්වය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සමග නිව්ස්ෆස්ට්හි වසන්ත ප්‍රදීප් මාසිංහගේ අද(09) විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. ප්‍රශ්නය - අලුත් තත්ත්වය මේ අලුත් වෙනස පවත්වාගෙන යා හැකියි කියලා ඔබතුමා විස්වාස කරනවද ? පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා -
ජනතාවගෙන් සියයට 95 ක් දැනටමත් මෙකට අනුගත වෙලා ඉන්නේ හැබැයි 5% වගේ සුළු පිරිසක් තමයි මේ ක්‍රමයට අනුගත වෙලා නැත්තේ. ඒ අය අනුගත වුණොත් මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. ඒ වගේම විශේෂයෙන්ම කාර්යාල ඒ වගේම අනිකුත් ආයතන වෙළෙඳසැල් කර්මාන්ත ශාලා මේ පවත්වාගෙන යන කලමනාකාරීත්වය සුපවයිසර්ලා හදවතින්ම මේකට කැප වුණොත් අපි මේ අකාරයට අපේ ආයතනය පවත්වාගෙන යනවා කියලා මම විස්වාස කරනවා අපිට පුළුවන් වෙනවා මේ අභියෝගය ජය ගන්න.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා
කොවිඩ් එක්ක හැංගිලා ජිවත් වෙන්න බෑ. මුහුණ දෙන්න ඔ්න. කොවිඩ් එක්ක බොරු කරන්නත් බෑ සත්‍යවාදිව මුහුණ දෙන්න ඔ්න. ඇත්ත කතා කිරිම තුළින් තමයි කොවිඩ් කළමනාකරණය කර ගන්න පුළුවන්. මේකට අපි අනුගත වෙමින් ඉන්නේ බොහොම සුළු පිරිසකගේ දේශද්‍රෝහී හැසිරිම මම ඒ වචනය භාවිතා කරනවා
ප්‍රශ්නය - ඇතැම් ප්‍රතිචාර තියෙනවා තව ටිකක් වහලා තියලා ඇරියා නම් හොඳයි කියලා? වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා
මම වෛද්‍යවරයෙක් විදිහට මේ ගත්ත තීරණයට අභියෝග කරන්නේ නෑ.හේතුව තමයි වෛද්‍ය විද්‍යාත්මකව වසංගත රෝග විද්‍යා ඒකකය තාක්ෂණික කරුණු පදනම්ව මත ගත්ත තීරණයක් ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා මම හිතනවා අපිට මේ අවස්ථාවේ මේ ක්‍රියාවලියට අනුගත වෙන්න පුළුවන් කියලා.
ප්‍රශ්නය - අජිත් රෝහණ මහත්තයා 1,2,3, 4 , කියලා ගත්තොත් ජනතාව අවධානය යොමු කල යුතු ප්‍රමුඛ කාරණා මොනවාද ? පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා
ලොක්ඩවුන් කරලා තියෙන ප්‍රදේශ ඇයි ලොක්ඩවුන් කරලා තියෙන්නේ වසංගත රෝග ඒකකය කියලා තියෙන්නේ. ඒ ප්‍රදේශවල අසාදිතයෝ වැඩි තව බිහි වෙන්න පුළුවන් ඒ ප්‍රදේශවල ජනතාව කිසිසේත් එළියට එන්නත් එපා පිටතට යන්නත් එපා. මේක තමයි ප්‍රධානම දේ අපිට පුන පුනා කියන්න තියෙන. දෙවන කාරණය තමයි ලංකාව පුරා 67,000ක් නිරෝධායනය කරලා තියෙනවා. ඒ නිරෝධායනය වෙච්ච කට්ටිය කිසිම හේතුවක් නිසාවත් එළියට එන්න එපා. ආයතනවලට යන අයට එවායේ කළමනාකාරිත්වය, බස්වල යන එන අය කෝච්චිවල යන එන අය, ඒවායේ කළමනාකාරිත්වය මේ අය මේ අයගේ වගකිම් හරියාකාරව හැම වෙලාවෙම ඉෂ්ඨ කරන්න ඔනි. පොදුවේ ජනතාව අවශ්‍යම දේකට ඇරෙන්න එළියට බහින්න හොද නෑ. හැම වෙලාවේම සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙලා කටයුතු කරන්න ඔ්න. මේ ප්‍රධාන කර්තවයන් හරියාකාරව සිද්ධ වෙනවා නම් අපිට මේ අභියෝගය ජය ගන්න පුළුවන්
ප්‍රශ්නය - මේක මේ හිරේ දලා කරන්න පුළුවන් වැඩන් නෙවෙයි තවදුරටත් නේද ? පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා
නෑ අනිවාර්යෙම්ම, අපිට මේ නීති ක්‍රියාත්මක කරලා, හිරේට දලා ,දඩ ගහලා....? එවා කරන්න ඔ්නි අපි එවා කරනවා පොදු ජනතාවගේ යහපත සඳහා
ප්‍රශ්නය - අහන්නෙම නැති අය ඉන්නවා නම්? පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා
අහන්නෙම නැති අයට එහෙම කරන්න ඔ්නි. නමුත් මේක ජනතාවගේ හදවතින්ම එන්න ඔ්නි හැඟිමක් තමයි.