by Staff writer 09-11-2020 | 9:58 PM
COLOMBO (News 1st) - කොවිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තොගයක් සමාගමක් මැදිහත්ව මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය පිළිබඳව පුළුල් සංවාදයක් ඇති වී තිබේ.
පාර්ශව ගණනාවක් පෙන්වා දෙන්නේ, එක් පාර්ශවකට විශාල වාසියක් අත්වන ආකාරයෙන් ගනුදෙනුව සිදුව ඇති බවයි.
කොවිඩ් ඇන්ටිජන්, ඒ කියන්නේ ප්‍රතිදේහ ජනක පරීක්ෂණයේදී කරන්නේ අසාදිතයාගේ සිරුරේ ප්‍රතිදේහ ජනකය හඳුනා ගැනීමයි.
දැනට කරන පී.සී.ආර් පරීක්ෂණයට අමතරව ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමේ හැකියාව සෞඛ්‍ය අංශ දැන් සලකා බලමින් සිටි.