බස්වලට ලීසිං සහනයක් දෙන්න සාකච්ඡා..

පුද්ගලික බස්වලට මාස 6 ක ලීසිං සහනයක් දීමට සාකච්ඡා..

by Staff writer 09-11-2020 | 12:03 PM

COLOMBO (News 1st) - පුද්ගලික මගී ප්‍රවාහන බස් සඳහා තව ත් මාස 6 ක ලීසිං සහනයක් ලබාදීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ, පාසල් ළමුන් ප්‍රවාහනයේ නියුතු වෑන් රථ සඳහා ද එම සහනය ලබාදීමට නියමිත අතර මහ බැංකුව සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/11/11-08-DILUMMMMM-AMUNUGAMAAAA-online-audio-converter.com_.mp3"][/audio]