by Staff writer 09-11-2020 | 8:18 AM
COLOMBO (News 1st) - සියලු ප්‍රදේශයන්හී නිරෝධායන ඇඳිරි නීතිය අද(09) උදෑසන 5.00 ට ඉවත් කෙරුණි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ එසේ වුවද ප්‍රදේශ කිහිපයක් නැවත දැනුම් දෙන තුරු හුදෙලා(Lockdown) ප්‍රදේශ ලෙස නම් කර ඇති බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති පොලිස් වසම් මෙසේය.
මට්ටක්කුලිය පොලිස් වසම,
මෝදර පොලිස් වසම,
බ්ලූමැන්ඩල් පොලිස් වසම,
කොටහේන පොලිස් වසම,
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම,
වෙරළබඩ පොලිස් වසම,
ආදුරුප්පුවීදිය පොලිස් වසම,
මාලිගාවත්ත පොලිස් වසම,
දෙමටගොඩ පොලිස් වසම,
වැල්ලම්පිටිය පොලිස් වසම,
බොරැල්ල පොලිස් වසම,
කෙසෙල්වත්ත පොලිස් වසම,
ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති පොලිස් වසම් වන්නේ..
වත්තල පොලිස් වසම,
පෑලියගොඩ පොලිස් වසම,
කඩවත පොලිස් වසම,
රාගම පොලිස් වසම,
මීගමුව පොලිස් වසම,
ජාඇල පොලිස් වසම,
සපුගස්කන්ද පොලිස් වසම,
පමුණුගම පොලිස් වසම,
කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ප්‍රදේශ වන්නේ..
හොරණ පොලිස් වසම,
ඉංගිරිය පොලිස් වසම,
පානදුර පොලිස් වසමේ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම
කෑගල්ල දිස්ත්‍රික්කයේ හුදකලා කළ පොලිස් වසම් වන්නේ..
මාවනැල්ල පොලිස් වසම,
රුවන්වැල්ල පොලිස් වසම,
කුරුණෑගල දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ වන්නේ..
කුරුණෑගල නගර සීමාව,
කුලියාපිටිය පොලිස්වසම,
එසේම පහත දැක්වෙන නිවාස යෝජනා ක්‍රම කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් දැඩි අවදානම් ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බැවින් එම නිවාස යෝජනා ක්රමයන්හි ජිවත්වන ජනතාව නිවාස ඒකක අතර හෝ ගමන් කිරීමෙන් වැළකී සංචරණය අවම කරමින් සිය නිවෙස් තුළම රැඳී සිටින ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම නිවාස සංකීර්ණ වන්නේ,
මෙත්සඳ සෙවණ,
මිහිජය සෙවණ,
මෝදර රන්මිණි සෙවණ,
සිරිසඳ උයන දෙමටගොඩ,
මාලිගාවත්ත NHS නිවාසයි,
හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින සියලුම තැනැත්තන් තම නිවෙස්වල රැඳී සිටිය යුතුයි.
එසේම යම් ප්‍රදේශයක් හුදෙකලා කර ඇති කාල සීමාව තුළ එම ප්‍රදේශයට ඇතුළුවීම, එම ප්‍රදේශයෙන් පිටවීම සහ ප්‍රදේශය හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.
හුදෙකලා කර ඇති ප්‍රදේශ තුළ පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සඳහා අවසර දෙනු නොලබන අතර එම ප්‍රදේශ හරහා ගමන් කරනු ලබන මගී ප්‍රවාහන බස් රථ හා දුම්රිය සඳහා ගමන් කිරීමට අවසර ලැබේ.
එසේ වුව ද කිසිදු බස් රථයකට හෝ දුම්රියකට හුදකලා කර ඇති ප්‍රදේශයක නැවැත්වීම සහ මගීන් නංවා ගැනීමට හෝ බැස්සවීම සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති.
කිසියම් හුදෙකලා කර ඇති ප්‍රදේශයක් තුළ අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ බෙදාහැරීම සඳහා අවසර ලබාදී ඇති ආයතන හෝ තැනැත්තන්ට පමණක් එම ප්‍රදේශවලට ගමන් කළ හැකියි.
නමුත් අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු සඳහා අවසර ලබාදී ඇති ආයතන/ තැනැත්තන් සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයින්ට හැරෙන්නට කිසිදු තැනැත්තෙකුට හුදෙකලා ප්‍රදේශයකින් බැහැර යාමට සඳහා අවසර නොලැබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මේ අතර බස්නාහිර පළාතට පිවිසෙන සියලු අධිවේග මාර්ග අද සිට විවෘත කෙරෙන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඒ, ඒ ආයතන පවත්වාගෙන යාම පිළිබඳ ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.