BOI හෝ EDB සේවකයින්ට දැනුම්දීමක්

BOI හෝ EDB කර්මාන්ත ශාලාවල සේවකයින්ට Lockdown ප්‍රදේශවලට ඇතුළුවීමට අවසර

by Hashini De Mel 08-11-2020 | 8:01 PM

COLOMBO (News 1st) - හුදෙකලා (Lockdown) කරන ලද ප්‍රදේශවල BOI හෝ EDB අනුමත කර්මාන්තශාලා පවත්වාගෙන යාමටත් එම සේවකයින්ට හා අත්‍යවශ්‍ය සේවා සමාජිකයන්ට එම ප්‍රදේශවලට ඇතුළුවීමට හා පිටවීමට අවසර ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.