by Staff writer 08-11-2020 | 9:44 PM
COLOMBO (News 1st) - රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රය හරහා මාර්ගයක් ඉදිකිරීමට යාම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.
රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගොර් ශාලාව අසළින් වෙරළ දක්වා විශ්වවිද්‍යාල භූමිය හරහා මාර්ගයක් කැපීමට මාතර මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් ඊයේ(07) කටයුතු කර ඇත.
මේ අවස්ථාවේ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා ඇතුළු විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය හා ආරක්ෂක අංශ ඊට මැදිහත් වී මෙම කටයුත්ත අතර මග නවතා දැමීමට පියවර ගෙන තිබේ.
නමුත් අද(08) උදෑසන යළිත් බැකෝ යන්ත්‍රයක් රැගෙන අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පැමිණි අවස්ථාවේ නැවතත් විශ්වවිද්‍යාල නියෝජ්‍ය උපකුලපතිවරයා ඇතුළු පිරිස එය වැළැක්විය.
විශ්වවිද්‍යාල බස් රථයක් සහ නියෝජ්‍ය උපකුලපතිවරයාගේ නිල රථය හරස් කර මේ පිරිස වැළැක්වීමට අද පියවර ගැනුණි.
මේ අතර නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සමන් චන්දන මහතා පවසන්නේ, සරසවි බිම හරහා මෙම මාර්ගය ඉඳි කළහොත් විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට තර්ජනයක් බවයි.
ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට රුහුණු විශ්වවිද්‍යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.