රාජ්‍ය ආයතනවල සේවකයින් අවම කෙරේ

රාජ්‍ය ආයතනවලට කැඳවිය යුත්තේ අවම කාර්ය මණ්ඩලයක් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

by Staff writer 08-11-2020 | 12:56 PM

COLOMBO (News 1st) - දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය හෙට ඉවත් කරනු ලැබුව ද සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සලකා රාජ්‍ය ආයතනයන්හි සේවයට කැඳවිය යුත්තේ, රාජකාරි පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා පැවසුවේ, මෙහිදී ඒ, ඒ ආයතන ප්‍රධානින් විසින් කැඳවන අවම කාර්ය මණ්ඩලය සම්බන්ධව තීරණය කළ යුතු බවයි. සෙසු කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක වන පරිදි නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කළ යුතු බව ද ලේකම්වරයා පැවසුවේ ය.