මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

by Staff writer 08-11-2020 | 9:35 PM

COLOMBO (News 1st) - මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මියගිය පුද්ගලයා 78 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුව ලෙස දැක්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.