රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලවලට මොකද වෙන්නේ?

පුද්ගලික ආයතනයක් ගෙනා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලවලට මොකද වෙන්නේ ?

by Staff writer 08-11-2020 | 8:41 PM

COLOMBO (News 1st) - රජය කඩිනම් ප්‍රතිදේහ පරීක්ෂාවට අදාළ කට්ටල කිසිදු අයුරකින් මිලදී ගෙන නැතැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

නමුත් සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ, පෞද්ගලික ආයතනයක් අනුමැතියකින් තොරව දැනටමත් ලංකාවට ගෙන්වා ඇති පරීක්ෂණ කට්ටල කඩිනම් මිලදී ගැනීම් හරහා රජයට ලබාගැනීමේ සැලසුමක් ඇති බවයි. කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය මේ වනවිට යොමුව තිබේ. ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදෙන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 50,000 ක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.