සංචරණ සීමා දැඩි කළ යුතුයි..!

නිරෝධායන නීතිය ඉවත් කළත් සංචරණ සීමා දැඩි කළ යුතුයි - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

by Staff writer 08-11-2020 | 8:23 PM

COLOMBO (News 1st) - දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ ද රට තුළ සංචරණ සීමා දැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා
පාසල් වැනි අධ්‍යයන ආයතන විවෘත කිරීම සඳහා කිසිසේත්ම සුදුසු පසුබිමක් නිර්මාණය වෙලා නෑ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘත කිරීමේදී දැඩි සීමාවලට යටත්ව විවෘත කිරීම සිදු කරන්න වෙනවා. දැනට ක්‍රියාත්මක වන කොවිඩ්19 පාලනය සඳහා නිකුත් කර තිබෙන කොන්දේසි සියල්ල දැඩිව අනුගමනය කළ යුතුයි. පළාත් හා දිස්ත්‍රික්ක අතර සංචරණයක් සිද්ධ නොවෙන ආකාරයට බස්නාහිර පළාත තුළ දැනට පනවා තිබෙන ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කළ යුතු වෙනවා. කෙසේවෙතත් දැනට ප්‍රධාන පොකුරු ආශ්‍රිතව වාර්තා වන රෝගීන් යම් තරමකට අඩු වුණත් රට පුරා විහිදුණු අනුපොකුරුවල රෝගීන් යම් තරමකට වාර්තා වෙනවා.