සීනි වෙළෙන්ඳන්ට ඇමති බන්දුලගෙන් අනතුරු ඇඟවීමක්

සීනි වෙළෙන්ඳන්ට ඇමති බන්දුලගෙන් අනතුරු ඇඟවීමක්

by Staff writer 07-11-2020 | 8:40 PM

COLOMBO (News 1st) - සීනි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට නොදෙන්නේ නම් නැවත බදු පැනවීමට ක්‍රියා කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජය විසින් පසුගිය ඔක්තෝබර් 13 වැනි දා පරිප්පු, ටින් මාළු, බී ලුණු සහ සීනි යන අතවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබේ. ඒ අනුව සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 85 කට අලෙවි කළ යුතුය. නමුත් රජය එලෙස බදු ඉවත් කිරීමේ වාසිය ජනතාවට තවමත් නොලැබෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.