පරණ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 කට කොරෝනා

පරණ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 කට කොරෝනා

by Staff writer 07-11-2020 | 3:41 PM

COLOMBO (News 1st) - පරණ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, අහඹු ලෙස කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී එය තහවුරු වූ බවයි. මීට පෙර වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිත රැඳවියන් 196 දෙනෙකු ද පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ අතර එහිදී කොරෝනා අසාදිතයින් 23 දෙනෙකු හඳුනා ගැනුණි. ඔවුන් සියලුදෙනා වැලිකන්ද රෝහල වෙත් මාරු කර යවා තිබේ.