නව ගුවන් හමුදාපති දළදා සමිඳුන් වැඳ පුදා ගනී

දරුවන්ට ගුවන් යානා තාක්ෂණය ඉගෙන ගැනීමට පාසලක් - නව ගුවන් හමුදාපති

by Staff writer 07-11-2020 | 10:11 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද දළදා සමිඳුන් වැඳ පුදා ගෙන අශිර්වාද ලබා ගෙන තිබේ.

දළදා මාලිගා පරිශ්‍රයට පැමිණි ගුවන් හමුදාපතිවරයා, මාලිගාවේ තේවාව භාර අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ශ්‍රී දම්ම දස්ස්සි නාහිමියන් බැහැදැක අශිර්වාද ගත්තේ ය. අනතුරුව ගුවන් හමුදාපතිවරයා දළදා සමිඳුන් වැද පුදා ගෙන තිබේ. ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා
ගුවන් ශක්තිය උපරිමයෙන් ලබා දිය හැකි ගුවන් හමුදාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. සමුද්‍රිය කලාපය ගුවනින් ආරක්ෂා කර ගැනීමට ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදලා ඒ සඳහා අවශ්‍ය ගුවන් යානා යොදා ගෙන ඒ සඳහා වැඩපිළිවෙළක් නාවික හමුදාව සමග එකාබද්ධ වී ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. ඒ ගැන විශේෂයෙන් කල්පනා කරන්න කියලා ඒ උපදෙසුත් අරගෙන ඉදිරියේදී විශේෂිත වූ ගුවන් සමුද්‍රිය නිරීක්ෂණ හා ගලවා ගැනීමේ ගුවන් ශක්කිය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. සයිබර් තාක්ෂණය හා නියමුවන් රහිත ගුවන් යනා පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා එහි ශක්තියත් වැඩි දියුණු කර ගන්නවා. පාසල් ළමුන් සඳහා ගුවන් යානා තාක්ෂණය පිළිබඳව හඳුනා ගැනීමේ පාසලක් දිගන ප්‍රදේශයේ අපේ ගුවන් හමුදා කඳවුර තුළ ස්ථාපනය කරන්න. අපි නිරෝධායන මධ්‍යස්ථාන 05 ක් අපි කියාත්මක කරනවා. ජනාධිපතිතුමා සති 2 ක 3 කට ඉස්සල්ලා උපදෙස් දුන්නා කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව සිතියම් ගත කරන්න කියලා. දැනටමත් ඒ සිතියම් ගත කිරීම ආරම්භ කරලා මම හිතන්නේ හොඳ සිතියම් ගත කිරීමට ලක් කරලා තියෙන්නේ. එක දැනටමත් අපි ළඟ තියෙනවා එක