COLOMBO (News 1st) - සඳුදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් අද කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය.
කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පා.ම ප්‍රදීප් උඳුගොඩ මහතා
අතිගරු ජනාධිපතිතුමා තවත් කැමති නැහැ මේ රට වහලා තියන්න. මොකද වර්තමානයේ තියන තත්ත්වයත් එක්ක අපිට නැවත වතාවක් රට වහලා නැවත වතාවක් මොනාහරි පොකුරක් ආවොත් නැවතත් රට වහන්න වෙනවා. දැන් මේ කොවිඩ් අවදානමත් එක්ක ජීවත් වීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ නැතුව මේක හැමදාම මේ රට වහන්න ගියොත්, මේකෙන් වෙන අනිසි බලපෑම් අපි හිතන්නට ඕනේ.
කොළඹ අවට ඇති මහල් නිවාස සංකීර්ණවල තත්ත්වය ද මෙහිදී සැලකිල්ලට ලක් විය.
කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පා.ම ප්‍රදීප් උඳුගොඩ මහතා
කොලොන්නාවේ පොඩ්ඩක් ජනතාව එක ළඟනේ ඉන්නේ. ෆ්ලැට්ස් වගේකුත් අහු වෙනවානේ, පොඩ්ඩක් ඒක හරියටම සුපර්වයිස් කරන්න මේක මේ හරි ඉක්මණින් ස්ප්‍රෙඩ් වෙන්න තියන ඉඩ කඩ වැඩියි මේ ප්‍රදේශවල. ළඟ ළඟ ගෙවල් තියනවා. කොටිකාවත්ත, මුල්ලේරියාව නම් එක පැත්තක් විතරයි සාමාන්‍යයෙන් පර්චර් 10, 12 ගෙවල් තියන පැත්තක්. ඒකේ ලොකු ප්‍රවණතාවක් තියනවා, ස්ප්‍රෙඩ් වෙන්න තියන ඉඩ කඩ වැඩියි. ඒ නිසා පොඩ්ඩක් ඒක අවධානයෙන් ඉන්න ඕනේ අපි දන්නේ නැහැනේ එක තැනකින් පත්තු වුනොත්, අමාරුයි කන්ට්‍රෝල් කරන්න.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා
නිරෝධායනය වෙන පවුල්වලින් ඉල්ලා සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ, මේ රජය මගින් විශාල මුදලක් වැය කරලා, මේ වනවිට මට මිලියන 75 ක මුදලක් කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ලබා දීලා තියනවා මේ ප්‍රතිපාදන ලබා දෙන්න තවත් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න සූදානම් බවත් දැනුම් දීලා තියනවා. ඒ නිසා ඉතාමත්ම ප්‍රමාණවත් සති 2 කට නෙමේ ඊටත් වඩා පුළුවන් මේ ප්‍රමාණය ඒ නිසා අපි ලේඛනයකුත් එක්ක තමයි ඒක භාර දෙන්නේ මින් ඉදිරියට ඒක පවුලට. ඒ නිසා කරුණාකරලා නිවසේ රැඳී ඉන්න කියන පණිවුඩය තමයි මම ලබා දෙන්නේ. සඳුදා දිනයේදී ඇඳිරි නීතිය ඉවත් කළහොත් කොළඹ දිස්ත්‍රික්කයේ හෝ බස්නාහිර පළාතේ, ඒ සඳහා රජය විසින් ගනු ලබන ඕනෑම පියවරක්, අපි අවශ්‍ය අපේ සහයෝගය ලබාදීමට අපේ සේවය ලබා දීමට අපි බැඳිලා සිටිනවා.