ජනපතිවරණ ජය පිළිබඳව ජෝ බයිඩ්න් විශ්වාසයෙන්...

ජනපතිවරණ ජය පිළිබඳව ජෝ බයිඩ්න් විශ්වාසයෙන්...

by Staff writer 07-11-2020 | 1:09 PM

News 1st - තමා මෙවර අමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් පවසයි.

මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ, ප්‍රකාශිත ප්‍රතිඵලවලින් එය පැහැදිලි වන බවය. අමෙරිකානු ජනාධිපතිවරණයේ මේ වනවිට පෙරමුණේ පසු වන්නේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ය. ඔහුට හිමිව ඇති ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 264 කි. රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් දිනාගෙන ඇත්තේ, ඡන්ද විද්‍යාල 214 ක් පමණි. එහෙත්, තමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් පවසයි. ඔහු සඳහන් කළේ, දූෂිත ප්‍රතිඵලවලට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය. ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද, යළි ගණන් කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කිරීමත් සමග අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීම ප්‍රමාද වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ කිසිදු සැකයක් නොමැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. ඔහු සඳහන් කළේ, අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ ක්‍රමය පිළිබඳ තමාට දැඩි විශ්වාසයක් පවතින බවය. අමෙරිකානු වැසියන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය අපේක්ෂාවෙන් සිටින අවස්ථාවක එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද කෝටිය ඉක්මවා ගියේ ය. ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝස්ටත් කොරෝනා ආසාදනය වී ඇතැයි අද තහවුරු විය. ඒ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා ආසාදනය වී මසකට පමණ පසුවයි. ඒ අනුව අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි 58,586 කි. ඊයේ ආසාදිතයින් 128,000 ක් පමණ වාර්තා විය. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 242,230 කි.