"අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල ගැන සැක නැහැ"

"අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ කිසිදු සැකයක් නැහැ" - බ්‍රිතාන්‍ය අගමැති

by Staff writer 07-11-2020 | 10:39 AM

COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ කිසිදු සැකයක් නොමැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

ඔහු සඳහන් කළේ, අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ ක්‍රමය පිළිබඳ තමාට දැඩි විශ්වාසයක් පවතින බවයි. වෙනත් රටක ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම යෝග්‍ය නොවන බව ද, ඔහු ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ඡන්ද ගණන් කර අවසන් වනතුරු සියලුදෙනා ඉවසා සිටිය යුතු බව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.