අමෙ.ජනපතිවරණයේ ජය බයිඩ්න්ට-විදෙස් මාධ්‍ය

අමෙරිකානු ජනපතිවරණයෙන් ජෝ බයිඩ්න්ට ජය - විදෙස් මාධ්‍ය වාර්තා කරයි

by Staff writer 07-11-2020 | 10:34 PM

News 1st - ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩ්න් මෙවර අමෙරිකානු ජනාධිතිවරණය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

CNN, BBC හා රොයිටර්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, මැතිවරණ පාසල් 273 ලබා ගනිමින් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට ජෝ බයිඩ්න් සමත් වූ බවයි. එම වාර්තාවල දැක්වෙන්නේ ජෝ බයිඩ්න් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ, පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමත් සමග බවයි.