ආයුධ සමග සැකකරුවන් 07ක් STF දැලේ

අත්බෝම්බයක්, කඩු 4 ක් සහ මන්නා පිහි 6 ක් සමග සැකකරුවන් 07 දෙනෙකු STF අත්අඩංගුවට

by Staff writer 07-11-2020 | 7:20 AM

COLOMBO (News 1st) - අත්බෝම්බයක්, කඩු 4 ක් සහ මන්නා පිහි 6 ක් සමග සැකකරුවන් 07 දෙනෙකු විශේෂ කාර්ය බලකාය (STF) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ගමන් ගත් මෝටර් රථයක් සහ වෑන් රථයක් කළුතර, හීනටියන්ගල මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.