by Staff writer 06-11-2020 | 11:41 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකාවේ 30වන කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
එලෙස මියගොස් ඇත්තේ 23හැවිරිදි වියේ පසුවූ කොළඹ, මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
ඔහු අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(05) මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම මෙම මරණයට හේතුව ලෙස වාර්තාවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.