බදුගම හුදකලා තත්ත්වයෙන් ඉවතට

බදුගම නව ජනපදය හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරේ

by Staff writer 06-11-2020 | 4:04 PM

COLOMBO (News 1st) - මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය හුදකලා තත්ත්වයෙන් මුදා හැර තිබේ.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, මීට පෙර හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබු එය මේ මෙහොතේ සිට හුදකලා තත්ත්වයෙන් මුදා හැරි බවයි. කොරෝනා ව්‍යාප්තියත් සමග හුදෙකලා කළ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය හා ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ද මීට පෙර හුදකලා තත්ත්වයෙන් මුදා හැරියේ ය. කෙසේ වෙතත් බස්නාහිර පළාතේත්, ඇහැලියගොඩ සහ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශවලත්, කුරුණෑගල නාගරික සීමාවේත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.