නිරෝධායනය අවසන් කළ පුද්ගලයෙක් මහ මගදී මිය යයි

පුත්තලමේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයෙක් මහ මගදී මිය යයි

by Staff writer 06-11-2020 | 7:34 PM

COLOMBO (News 1st) - නිරෝධායනය අවසන් කර සිටි පුත්තලම, නින්දනිය ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබේ.

මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 අයෙකි. ඔහු මිය ගොස් තිබුණේ ඊයේ සවස පුත්තලම සමගි ක්‍රීඩා පිටිය ආසන්නයේදීය. මිය ගිය පුද්ගලයා දින 14 ක් නිරෝධායනය කර ඇත්තේ, ඔහු සේවය කළ හෙට්ටිපොල ප්‍රදේශයේ පිහිටි හෝටලයට කොරෝනා ආසාදිතයකු පැමිණීම හේතුවෙනි. සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ සඳහා පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයා ඔවුන්ට මුහුණදීමට සිදුව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේ ය. පුත්තලම හදිසි මරණ පරීක්ෂක නන්දන විමලවීර මහතා
මෘත දේහය ගාවට අපි එනවා අපිට ඇඳගන්න දෙයක් නෑ. අපිට කතා කරන්න කෙනෙක් නෑ. අපිට කොරෝනා ඇඳුමක් නෑ. ඒ අය යම්කිසි විදියක කොරෝනා රෝගියෙක් නම් අපිටත් දවස් 14ක් ලගින්ඩ වෙනවා. අපි කරන්නේ නොමිලේ රාජකාරියක්. ගරු සේවයක්. ගෞරවනිය සේවයක් කරාට කිසිම මරණ පරීක්ෂණවරයෙක් දිහාට අපිව බලන්නේ නෑ.
ප්‍රශ්නය -
මාස්ක් එකක් නැතිවනේ ඔබතුමා ආවේ? දැන් මාස්ක් එකක් හම්බුණා ද?
පිළිතුර -
මාස්ක් එකක්වත් තිබුණේ නෑ. පොලීසිය මට දැනුම් දෙන්න එන්න කියලා මම දුවගෙන ආවා ගෙදර ඉදලා ආපු ගමන්. ඉතින් අපේ සෞඛ්‍ය තත්ත්වයට වග කියන්න කවුරුත් නෑ. අපිට ග්ලව්ස් නෑ. ඇඳුම් නෑ. රජය අනිත් ඒවා අනවශ්‍ය විදියට ඕන තරම් වියදම් කරනවා. නමුත් මරණ පරීක්ෂකවරයා තමයි ඕනම සිද්ධියකට යන්නේ. ඒ සිද්ධියට ගියාම එයාට වගකියන්න කවුරුත් නෑ. අපි මැරුනොත් අපේ අඹු දරුවෝ තමයි අන්තිමට දුක් විඳින්නේ. ඒක තමයි මට කියන්න තියෙන්නෙ
මිය ගිය පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි සොයාබලා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට දේහය පුත්තලම මූලික රෝහල වෙල යොමු කර ඇතැයි අප වාර්තාකරු පැවසුවේ ය.