රථ වාහන දඩ මුදල් ගෙවීමට අතිරේක කාලයක්

නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල රථ වාහන දඩ මුදල් ගෙවීමට අතිරේක කාලයක්

by Staff writer 06-11-2020 | 5:51 PM

COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල හා හුදකලා කර ඇති ප්‍රදේශවල රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා අතිරේක කාලයක් ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොරෝනා වසංගතය හේතුවෙන් කාර්යාල නතර කර දිනයේ සිට දිවයින පුරා සංචරණ සීමා ඉවත් කරන දින දක්වා වූ දින ගණන අතහැර වරද කළ දින සිට දින ගණනය කර දඩපත් ගෙවිය හැකිය. සෞඛ්‍ය නිර්දේශ මත වසා දමා ඇති ප්‍රදේශවල හා නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල තැපැල් කාර්යාල විවෘත කිරීමට නොහැකි වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පැවසීය.