
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් 100 කට එරෙහිව නඩු
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් 100 කට එරෙහිව නඩු
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් 100 කට එරෙහිව නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
අධිකාරිය පැවසුවේ, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන සහල් මෝල් හා වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් මේ වනවිට දැඩි කර ඇති බවයි.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලද වැටලීම් ක්‍රියාත්මක කෙරෙනු ඇති.
මීට අමතරව සහල් තොග සඟවා ඇති ස්ථාන සෙවීම ද සිදු කෙරෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
නිෂ්පාදකයින් හා සහල් මෝල් හිමියන් විසින් සහල් වර්ග කිහිපයක් අලෙවි කළ යුතු උපරිම මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් පෙරේදා නිකුත් කළේ ය.
ඒ අනුව රතු හා සුදු සම්බා මෙන්ම රතු හා සුදු කැකුළු සම්බා කිලෝග්‍රෑම් එකක් විකිණිය හැකි උපරිම මිල රු. 94 කි.
රතු හා සුදු නාඩු කිලෝග්‍රෑම් එකක් රු. 92 ක මිලකටත්, රතු සහ සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රු. 89 ක මිලකට අලෙවි කළ යුතු බවට එම ගැසට් නිවේදනය මගින් නියම කර තිබේ.
මේ අතර සහල් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල පනවමින් මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය එලෙසම ක්‍රියාත්මකය.
ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් රු. 96 ක මිලකටත් සම්බා සහල් කිලෝග්‍රෑමයක් රු. 98 ත් රතු කැකුළු හා සුදු කැකුළු කිලෝග්‍රෑමයක් රු. 93 මිලකටත් අලෙවි කළ යුතුයි.
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත – ජනාධිපති මාධ්‍ය අංශය
- උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
- මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි