වැලිකඩ නිලධාරියෙකු ඇතුළු 7කට කොරෝනා

වැලිකඩ නිලධාරියෙකු ඇතුළු 7කට කොරෝනා

by Staff writer 05-11-2020 | 1:53 PM
COLOMBO (News 1st) : වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනකුට, නිලධාරියෙකුට සහ කාන්තා සැකකාරියන් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. බන්ධනාගාර කොමාසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ, අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම පිරිස ආසාදිතයින් බව තහවුරු වී ඇති බවයි. ආසාදිත නිලධරියා IDH රෝහලට යොමු කර ඇති අතර ආසාදිත සැකකාරියන් සහ සිරකරුවන් වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. බන්ධනාගාර කොමාසාරිස්වරයා පැවුසවේ, කාන්තා අංශයේ සියලු සැකකාරියන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. ආසාදිතයින් හමුවූ වාට්ටු වසා දමා එහි සිටි සියලු සිරකරුවන් බන්ධනාගාරය තුළම වෙනත් ස්ථානයක වෙන් කර තබා තැබීමට පියවර ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. ඊයේ දිනය වන විට වැලිකඩ බන්ධනාගාරයේ 6350 දෙනෙකුට PCR පරීක්ෂණ සිදු කර ඇති බවත් ආසාදිතයින් පිරිස තවදුරටත් ඉහළ ගිය හොත් සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට සූදානමින් පසුවන බවත් කොමසාරිස්වරයා වැඩදුරටත් සඳහන් කළේ ය.