කඩොලාන වැනසූ සැකකරු අත්අඩංගුවට ගන්නැයි, නියෝග

මුන්දලම, කඩොලාන වැනසූ සැකකරු අත්අඩංගුවට ගන්නැයි, නියෝග

by Staff writer 05-11-2020 | 12:50 PM
COLOMBO (News 1st) :මුන්දලම, විරුත්තෝඩේ පුලිදිවාල්හි පිහිටි කඩොලාන පද්ධතිය විනාශ කිරීමට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නැයි, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියට නියෝග කර තිබේ. පරිසර අමාත්‍යාංශය පවසන්නේ මෙම කඩොලාන පද්ධතිය පිහිටි ඉඩම පෞද්ගලික ඉඩමක් බවයි. එහෙත් කඩොලාන කපා ඉවත් කිරීම නීතිවිරෝධී බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. පරිසර හානි පිළිබඳව පරිසර අමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමු වී ඇති අතර ඊට නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව හා නොසැලකිල්ල ද හේතු වී ඇති බව පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.