by Staff writer 05-11-2020 | 3:41 PM
COLOMBO (News 1st) : අමෙරිකාවේ ප්‍රධාන ප්‍රාන්ත 4 ක ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් කණ්ඩායම නඩු ගොනු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෙන්සිල්වේනියා, මිචිගන්, ජෝරිජියා සහ විස්කොන්සින් ප්‍රාන්ත සම්බන්ධයෙන් මෙම අර්බුදය හටගෙන ඇති බවයි.
රිපබ්ලිකන් පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, විස්කොන්සින් ප්‍රාන්තයේ ඡන්ද ප්‍රතිඵල යළි ගණන් කරන ලෙසයි.
පෙන්සිල්වේනියා, මිචිගන්, ජෝරිජියා ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම නවතා දමන ලෙස ද රිපබ්ලිකන් කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇතැයි සඳහන් ය.
මේ දක්වා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් පෙරමුණේ පසුවේ.
ඡන්ද විද්‍යාල 264 ක බලය තහවුරු කර ගත් ඔහුට ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට තවත් අවශ්‍ය වන්නේ ඡන්ද විද්‍යාල 06 ක් පමණි.
රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල 214 ක බලය හිමිකර ගෙන සිටී.