මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

by Staff writer 04-11-2020 | 9:13 PM
COLOMBO (News 1st) : මෙරට 24 වන කොරෝනා ආසාදිත මරණය කොළඹ 13 ප්‍රදේශයෙන් වාර්තා විය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 79 හැවිරිදි කාන්තාවක එලෙස මියගොස් ඇති බවයි. නිවසේදී මියගොස් ඇති එම කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත්තේ ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවයි. එම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වු බවත් ,නිධන්ගත රෝගයන්ගෙන් පෙළුනු බවත් , පශ්චාත් මරණ පරික්ෂණයේදී වාර්තා වී තිබේ. කොරෝනා ආසාදනයවීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් එම කාන්තාව මියයාමට ආසන්නතම හේතුව බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ සිදුවු ඇද වැටීමකින් හිසට සිදුවී ඇති බරපතළ හානි සහිතව පසුගිය 02 වැනිදා ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. ඊයේ මියගිය එම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණයේදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනිණ. කෙසේ වුවද එම පුද්ගලයා මරණය කොරෝනා ආසාදිත මරණයක් නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.