ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු යළි ඇරඹේ

නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු අද යළි ඇරඹේ..

by Staff writer 04-11-2020 | 7:57 AM

COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතු අද යළි ආරම්භ කෙරේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව රත්මලාන,බෝකුන්දර,මීගොඩ ,වේයන්ගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් අරඹන බවයි. කෙසේ වෙතත් මෙම මධ්‍යස්ථානවල සිල්ලර වෙළෙඳාම සිදු නොකෙරේ. පිට පළාත්වලින් ලැබෙන එළවළු තොග බස්නාහිර පළාතේ ගැණුම්කරුවන්ට ලබා දීම මෙම මධ්‍යස්ථාන හරහා සිදු කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේය. අදාළ ආර්ථික මධ්‍යස්ථාන මේ වනවිට විශබීජහරණය කර ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේය.